January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාවට ජීවනෝපාය අහිමි වෙලා!

1 min read

දිට්වා සුළි කුණාටුවෙන් පසු යටිතල පහසුකම් නැවත ගොඩනැගීමේ කටයුතු සඳහා යම් යම් බාධා එල්ල වී ඇති බව සමීක්ෂණ වාර්තාවක් එළිදක්වමින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසයි.

ඒ සුළි කුණාටුවේ වඩාත්ම බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක විසිදෙකෙහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 85ක් ආවරණය කරමින් සිදුකළ සමීක්ෂණයකින් අනතුරුවය.

ඒ අනුව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 95%ක්ම තම ප්‍රදේශවල නේවාසික, කාර්මික හෝ ප්‍රජා යටිතල පහසුකම්වලට හානි සිදුව ඇති බව සඳහන් කර ඇති අතර, ඒ අතරට නිවාස සහ මාර්ග වැඩි සංඛ්‍යාවක් ඇතුළත් බවත් පවසා තිබේ.

සුළි කුණාටුවෙන් හානියට පත් යටිතල පහසුකම් නැවත ගොඩනැංවීමේදී සහ අනුමැතීන් ලබාගැනීමේදී ඊට අදාළ ආයතන අතර පවතින දුර්වල සම්බන්ධීකරණය නිසා ප්‍රමාදයන් සිදුවන බව එහි සඳහන්ය.

ඉදිකිරීම් කටයුතු සඳහා ගොඩනැගිලි ද්‍රව්‍යවල හිඟයක් පවතින අතර ඒ සඳහා අවශ්‍ය අරමුදල් ලබාගැනීමේදී ඇතැම් ජනතාවට සීමාවන්ට මුහුණදීමට සිදුව ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දෙයි.

ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම් එල්ල වී ඇති බව සඳහන් කර ඇති අතර, ඔවුන්ගේ ජීවනෝපාය සුරක්ෂිත කරගැනීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවයද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සිය වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ජනප්‍රිය පුවත්  මහ බැංකු අධිපතිගේ මාටියා ගැහිල්ල මෙන්න !

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x