November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

ආදායම් ඉලක්ක සපුරා නෑ | ඩොලර් මිලියන 70 ක ණය සහනය අහිමි වෙයි!

1 min read

ආදායම් ඉලක්ක දෙකක් සපුරා නොගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 70 ක (රුපියල් කෝටි 2133 ක් පමණ) ණය සහනයක් අහිමි වී යාමේ අවදානමක් මතුව ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ආණ්ඩුකරණයට බැඳුණු බැඳුම්කර හරහා ලබන වසර සහ 2027 වසර සඳහා ලබාදී ඇති රජයේ ආදායම් ඉලක්කය සපුරාලන්නේ නම් ඇමෙරිකානු ඩොලර් මිලියන 70 ක ණය සහනයක් ලබා ගැනීමට හැකියාව පවතින බව වෙරිටේ රිසර්ච් ආයතනය වැඩි දුරටත් පෙන්වා දෙයි.

එහිදී ලබන වසර සඳහා රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.3 ක සහ 2027 වසරේදී රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.4 ක ප්‍රතිශතයකින් පවත්වාගෙන යා යුතු බවට ආණ්ඩුකරණයට බැඳුණු බැඳුම්කර හරහා මෙරටට ඉලක්කයක් ලබාදී තිබෙන බවද නමුත් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයේ දක්වා ඇති ආදායම් පුරෝකතනයන් ඉහත ඉලක්කයට වඩා පහළ මට්ටමක තිබෙන බවද වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

ජනප්‍රිය පුවත්  වරාය හා සිවිල් ගුවන්සේවා, බිමල්ගෙන් ගලවයි!

එම ප්‍රකාශයට අනුව ලබන වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.2 ක ආදායම් ඉලක්කයක් ලබන වසර සඳහා රජයට ඇති අතර 2027 වසර සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.3 ක ආදායම් ඉලක්කයක් රජයට ඇති බව ද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කරයි.

ඒ හේතුවෙන් ආණ්ඩුකරණයට බැඳුණු බැඳුම්කර ඉලක්කයට ගැලපෙන පරිදි හෙට (07) ඉදිරිපත් කෙරෙන අයවැය රජය ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් එම ණය සහනය ශ්‍රී ලංකාවට අහිමිවීමේ අවදානමක් තිබෙන බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

ආණ්ඩුකරණයට බැදුණු බැදුම්කර යටතේ රටේ ආණ්ඩුකරණ තත්ත්වය යහපත් වෙන තරමට ණය ගෙවීමේදී සහන හිමිවන බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

ඒ හේතුවෙන් එම සහනය ලබා ගැනීමට නම් මෙවර අයවැයෙන් රජයේ ආදායම් ඉලක්කය එයට ගැලපෙන පරිද්දෙන් වෙනස් කළ යුතු වේ.

නිරෝෂන් කුමාර Underground වාර්තාකරු

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x