ආණ්ඩුව කරන්නේ පැලවත්තෙන්! ටිල්වින් කියයි
1 min read
ආණ්ඩුව මෙහෙයවීම සඳහා පැලවත්තෙන් පුළුල් ආර්ථයේ මැදිහත්වීමක් සිදුකරන බව ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කරයි. එක් පුද්ගලයකුට ආණ්ඩුව මෙහෙයවිය නොහැකි බවත් එබැවින් පැලවත්ත මූලස්ථානයෙන් ඒ සඳහා මැදිහත් වන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටී. ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්වරයා මෙම අදහස් ප්‍රකාශ කළේ එක්තරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ය.
ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලය හා ජාතික ජන බලවේගයේ විධායක සභාව රැස් වන්නේ පැලවත්ත මූලස්ථානයේ බවත් එම අවස්ථාවන්ට ජනාධිපතිවරයා ද සහභාගී වන බවත්, ඒ මගින් ද ආණ්ඩුවට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බවත් ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කරයි.
underground දේශපාලන වාර්තාකරු
