March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආණ්ඩුවේ භාණ්ඩාගාරේ උතුරනවලු… ජාත්‍යන්තරේට නාට්‍යයක් යවන්න සල්ලි නෑලු..

1 min read

මෙවර Bharat Rang Mahotsav (BRM) ජාත්‍යන්තර නාට්‍ය උළෙල සඳහා තේරුණු මෙරට නිෂ්පාදිත නාට්‍ය දෙක ඒ සඳහා ඉදිරිපත්කරවීමට ආණ්ඩුවට මුදල් නැතැයි පවසන බව ජනප්‍රිය නළු ජෙහාන් අප්පුහාමි පවසයි.

මෙම නාට්‍ය උළෙල සඳහා චාමික හත්ලහවත්තගේ කොළඹ හතේ තොරණ සහ බුද්ධික දමයන්තගේ මට සිහිනයක් ඇත නාට්‍ය ද්විත්වය මෙලෙස අදාළ උළෙල සඳහා තෝරාගෙන ඇත.

ආණ්ඩුව පැමිණියේ සංස්කෘතික මිනිසෙකු නිර්මාණය කරන බව ප්‍රකාශ කරමින් බවත් භාණ්ඩාගාරයේ මුදල් උතුරන බව ආණ්ඩුවේ නායකයන් උදම් අනන බවත් ඔහු පෙන්වා දෙයි.

පසුගිය ආණ්ඩු සමයේ තම නාට්‍යද මෙවැනි ජාත්‍යන්තර උළෙල ගණනාවක් සඳහා තේරුණු බවත් එම ආණ්ඩු සිය නාට්‍ය රැගෙන විදෙස්‌ගත වීමට අවශ්‍ය පහසුකම් ලබා දුන් බවත් ජෙහාන් අප්පුහාමි සිහිපත් කරයි.

මෙම නාට්‍ය උළෙල සඳහා අපේ රටේ නාට්‍ය දෙකක් තෝරා ගැනීමම ජයග්‍රහණයක් බවත් රට ජාත්‍යන්තර තලයේ නියෝජනය කිරීම සඳහා ආණ්ඩුව අවශ්‍ය පහසුකම් ලබාදිය යුතු බවත් ඔහු අවධාරණය කළේ වීඩියෝවක් නිකුත් කරමිනි.

අපගේ WhatsApp Group සමගින් එකතු වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x