January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අර්ජුනාට මාලිමාවෙන් මරණ තර්ජන

1 min read

මාලිමාවේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල් තමා මරාදමන බවට තර්ජනය කළ බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අද (21) දින පාර්ලිමේන්තුවේදී පැවසීය.

27(02) යටතේ තමා අද දින පාර්ලිමේන්තුවේදී පුත්තලම රෝහල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් විමසා සිටි බවත් ඒ සම්බන්ධයෙන් උරණවූ මේ මන්ත්‍රිවරයා තමාට මරණ තර්ජන එල්ල කළ බවද රාමනාදන් අර්චුනා මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවේදී කතානායකවරයා එය රීති ප්‍රශ්නයක් නොවන බව සඳහන් කළ අතර විපක්ෂයේ මන්ත්‍රිවරුන් දැඩිව කියා සිටියේ මරණ තර්ජනයක් එල්ලවීම බරපතල තත්ත්වයක් බවත් ඒ නිසා අර්චුනා මන්ත්‍රිවරයාට එය මතුකිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙසයි.

ඉන් අනතුරුව කතානායක ජගත් වික්‍රමරත්න එම ප්‍රශ්නය මතුකිරීමට අවස්ථාව ලබාදුන් අතර එහිදී රාමනාදන් අර්චුනා මන්ත්‍රිවරයා මෙසේ පැවසුවා.

ගරු කතානායකතුමනි, මම පුත්තලම රෝහල ගැන ප්‍රශ්නය විමසූ අවස්ථාවේදී මේ ෆයිසාල් මන්ත්‍රිවරයාට කේන්ති ගියා. පුත්තලම රෝහල සංවර්ධනය කරන්න ඕන කියලා මම පැවසුවාම ඔහු පැවසුවේ රෝහලේ බෝඩ් එක වෙනස් කළාම ඇති කියලා.

ඉන් අනතුරුව මම පාර්ලිමේන්තුවේ මන්ත්‍රී භෝජනාගාරයට යන්න හදනකොට එතනට ඇතුල්වෙන තැන මාලිමාවේ මන්ත්‍රිවරුන් හතරදෙනෙකු හිටියා.

ජනප්‍රිය පුවත්  විමල් Google Trending Searches අතර ඉහළටම!

එහිදී ෆයිසාල් මන්ත්‍රිවරයා මට කිව්වා වැඩිය සෙල්ලම් දාන්න ආවොත් මාව මරාදානවා කියලා. පුත්තලමට එන්න එපා කියලත් කිව්වා. මට මේ එල්ල කරපු මරණීය තර්ජනය ගැන වහාම පරීක්ෂණයක් කරන්න.

එම ස්ථානයේ තිබෙන CCTV කමරාවල දර්ශනත් ඒ සඳහා යොදාගන්න පුළුවන්. යනුවෙන්ද රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x