March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ සැප්තැම්බර් වන විටත් හදා නැති බව විගණනයෙන් හෙලි වේ..

1 min read

අත්හිටුවනු ලැබ ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාළ මාර්ග සිතියම සකස් කිරීමට පසුගිය සැප්තැම්බර් මස අවසානය වන විටත් ජාතික අධ්‍යාපන ආයතනය අපොහොසත්ව සිටි බව අනාවරණය වී තිබේ.

ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වූ නව වැඩපිළිවෙළට අදාළ මාර්ග සිතියම ජාතික අධ්‍යාපන ආයතනය මගින් සකස් කිරීමේ වැඩපිළිවෙළ අවසන් අදියරේ පවතින බව පසුගිය වසරේ මාර්තු මාසයේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ විගණන කමිටු රැස්වීමේ දී කළමනාකාරීත්වය දැනුම් දුන් නමුත් පසුගිය සැප්තැම්බර් 25 වැනිදා වන විටත් මාර්ග සිතියම සකස් කර නොතිබූ බව ද හෙළි වී ඇත.

මේ බව හෙළි වී ඇත්තේ ජාතික විගණන කාර්යාලය කළ පරීක්ෂණයකිනි. මෙම පරීක්ෂණ වාර්තාව වැඩබලන විගණකාධිපති ජී. එච්. ඩී. ධර්මපාල ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විදානපතිරණට ඉකුත් නොවැම්බර් මස 4 වැනිදා යොමු කර ඇත්තේ ‘ ආයතනයට අදාළ අහිතකර වාර්තාව ‘ ලෙසිනි.

එක හා හය ශ්‍රේණිවල පළමු වාරය සඳහා හඳුන්වා දීමට නියමිත පොත් සංඛ්‍යාව 106 ක් ලෙස විගණනයට ඉදිරිපත් කර තිබුණ ද ඊට අදාළ මොඩියුල සංඛ්‍යාව ඉදිරිපත් නොකෙරුණු බවත් දෙවැනි හා තෙවැනි වාරවල මොඩියුල සංඛ්‍යාව ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලබා දුන් තොරතුරු හා දෙපාර්තමේන්තු මගින් ලබා ගත් තොරතුරු අනුව 31 ක් හා 46ක් වශයෙන් වෙනස් කම් පැවතුණු බවත් සඳහන් කරන එම වාර්තාව ඒ අනුව සකස් කරන සියලු මොඩියුල එක් ප්‍රධාන ස්ථානයකින් මෙහෙයවීම හා අධීක්ෂණය නොවීම නිසා ඒ ඒ විෂයය යටතේ පිළියෙළ කළ යුතු ලෙස හඳුනාගන්නා ලද මොඩියුල අත්හැරීමේ අවදානමක් නිරීක්ෂණය වූ බවත් සඳහන් කර තිබේ.

ජනප්‍රිය පුවත්  25000 නොලැබීමෙන් ගම්පොළ උඩ පළාත සභාව ඇවිලෙයි!

පසුගිය වසරේ මැයි මස 6 වැනිදාතමින් යුත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගේ ලිපිය පරිදි එක හා හය ශ්‍රේණි වල පළමු වාර්යේ මොඩියුල සහිත පොත් එම ට ලබා දිය යුතුව මස 15 වැනිදා වන විට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට ලබා දිය යුතුව තිබුණ ද මාස 4ක ප්‍රමාදයකින් යුතුව ජූලි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලයේ අවස්ථා දහයක දී පොත් 106ට අදාළ දෘඪ පිටපත් දෙකක් හා මෘදු පිටපතක් බැගින් ලබා දීමට කටයුතු කර තිබුණු බව ද එහි සඳහන්ව තිබේ.

අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්ගේ ලිපියකට අනුව ජූලි මස 21 වන විට මොඩියුල පොත් 50ක් පමණක් ජාතික අධ්‍යාපන ආයතනයෙන් භාර දී තිබුණ ද ජාතික අධ්‍යාපන ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරියගේ වාර්තාවකට අනුව එදින වන විට මොඩියුල පොත් 106ක් ප්‍රකාශන දෙපාර්තමේන්තුවට භාර දුන් බවට නිවැරදි නොවූ තොරතුරු විගණනය වෙත ඉදිරිපත් කර තිබූ බවත් විගණකාධිපතිවරයා සඳහන් කර ඇත.

පසුගිය 2020 වසරේ සිට 2024 වසර දක්වා වූ කාලයේ දී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ජාතික අධ්‍යාපන ආයතනයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබා දී ඇති මුදල රුපියල් හතළිස් අට කෝටි තිස්තුන් ලක්ෂය ඉක්මවන නමුත් ප්‍රතිසංස්කරණවල ක්‍රියාකාරකම්හි වියදම් වාර්තා කළ හැකි පරිදි වියදම් ගිණුම්ගත කිරීමට කටයුතු කර නොතිබූ බවත් මේ නිසා ප්‍රතිසංස්කරණ ක්‍රියාකාරකම්වල මූල්‍ය ප්‍රගතියට සමගාමීව භෞතික ප්‍රගතිය ද ඒ අනුව නියමිත කාලරාමුව අනුව කාර්ය සාධනය ද පරීක්ෂා කිරීමට නොහැකි වූ බවත් එම වාර්තාවේ සඳහන් වෙයි.

ජනප්‍රිය පුවත්  ගල් අඟුරු ටෙන්ඩරය ඉන්දියානු හොර සමාගමකට..! පාඩුව කෝටි 750ක්!

එමෙන් ම 2021 හා 2022 යන වසර වල දී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට රුපියල් එක්කෝටි පනස් හතර ලක්ෂයකට අධික වියදමක් දරමින් රූපවාහිනී වැඩසටහන් පහක් සකස් කර තිබූ නමුත් එම වැඩසටහන් ප්‍රචාරය කර නොතිබූ බව ද එහි සඳහන් කර ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x