January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අගවිනිසුරුට තව අවුරුදු 2ක්!

1 min read

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන 2026 වසර මුල දී විශ්‍රාම යාමට නියමිතව ඇතත්, ඔහුට තවත් වසර 2ක කාලයක් අතිරේකව ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තා වේ. ආණ්ඩුවට අවශ්‍ය පරිදි අධිකරණ පද්ධතිය හසුරුවාලීමට අගවිනිසුරුවරයාගෙන් ලැබෙන සහයෝගය අතිමහත් බැවින් ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන තිබේ.

විශේෂයෙන්ම 2026 වසරේදී විපක්ෂය දඩයමට අදාළ බලවත් අධිකරණ තීරණ කිහිපයක් ජනාධිපතිවරයා අපේක්ෂාවෙන් සිටී. එම තීරණ එළෙසින්ම ලබා ගැනීමටනම් ප්‍රීති පද්මන් සූරසේන අගවිනිසුරු ධුරයේ සිටීම ඉතා වැදගත් අවශ්‍යතාවක් බව ජනාධිපතිවරයාගේ මතය වී තිබේ.

මේ පිළිබඳව ජනාධිපතිවරයා තමන්ට විශ්වාසවන්ත නීති විශාරදයින් දෙදෙනකු සමග ද සාකච්ඡා කර තිබේ. ඒ අයගේ මතය වී ඇත්තේ ද අපේක්ෂා කරන අදාළ අධිකරණ තීරණ ලබා ගැනීමටනම් වත්මන් අගවිනිසුරුවරයා තවදුරටත් එම ධුරයේ රැඳී සිටීම අත්‍යවශ්‍ය බව යි.

කෙසේ වෙතත්, මෙම තීරණය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරන් අසන්තෝෂයට පත්වනු ඇතැයි ද එහිදී සාකච්ඡාවට ලක් වී ඇත. එහෙත්, කුමන තත්වයක් යටතේ වුවත් අගවිනිසුරුගේ කාලය දෙවසරකින් දීර්ඝ කිරීම කළ යුතු බවට අවසානයේදී තීරණය කර තිබේ.

ජනප්‍රිය පුවත්  පාතාලයේ කොටසක් රකින පොලීසියේ මෙහෙයුමක් ! ‘රණාලේ පැට්ටා’ රට යැව්වේ පොලීසියෙන් !

LankaUndergroundNews වාර්තාකරු – භාතිය කමලසිරි

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x