January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අඛණ්ඩ සත්‍යග්‍රහයට ආනන්ද සාගර හිමි එක්වෙති!

1 min read

‘දරුවන් උදෙසා වැඩිහිටියෝ’ සංවිධානය විසින් බත්තරමුල්ල, පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පවත්වනු ලබන අඛණ්ඩ සත්‍යග්‍රහය සඳහා සහාය දීමට පාහියන්ගල ආනන්ද සාගර හිමියන් මීට ස්වල්ප වෙලාවකට පෙර එක්වුණා.

මෙම සත්‍යග්‍රහයේ දෙවැනි දිනය අද (13) යි.

සත්‍යග්‍රහයට සහභාගී වූ උන්වහන්සේ ප්‍රකාශ කළේ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම හකුලා ගත යුතු බවයි.

සෑම දරුවෙකුටම ස්මාර්ට් ෆෝන් එකක් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් අනිවාර්ය කරන බවත් තිබෙන ප්‍රශ්න තවත් අවුල් වන නිසා වහාම එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගැනීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතු බවත් උන්වහන්සේ මෙහිදී අවධාරණය කළා.

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ඊයේ (12) මෙම අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ කළා.

ඔවුන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළාගන්නා ලෙස සහ අග්‍රාමාත්‍යවරියට අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් වන ලෙස බලකරමින්.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කළේ මෙම ප්‍රතිසංස්කරණ හකුළාගන්නා තුරුම මෙම සත්‍යග්‍රහය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

ජනප්‍රිය පුවත්  බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් සිව් නමක් රිමාන්ඩ්!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x