March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අකුරේගොඩ වෙඩිතැබීමක් – දෙදෙනෙකු මරුට (ඡායාරූප සහ වීඩියෝ)

1 min read

තලංගම අකුරේගොඩ ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තිබේ.

අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථ ගාලේදී අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩිවැදීමෙන් එම දෙදෙනා මෝටර් රථය තුළම මියගොස් ඇති බව සඳහන් ය.

අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයට ආසන්නයේ පිහිටි සුපිරි වැළඳ සැලක් ඉදිරිපිට දී මෙම වෙඩිතැබීම සිදුව තිබේ.

අකුරේගොඩ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ බුද්ධික මල්ලවආරච්චි නමැති නීතිඥවරයා බවට හඳුනා ගෙන ඇති බව පොලිසිය පවසනවා.

වෙඩිතැබීමෙන් පසුව වෙඩික්කරුවන් සිල්වර් පැහැති Blue Bird වර්ගයේ මෝටර් රථයකින් පලා ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිද්ධියට සම්බන්ධ කිසිවකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x